13 March 2025


හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සංජය රිමාන්ඩ්



බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සංජය සිරිවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔහුව අද (13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්තනගල්ලේ ඉඩමකින් T 56 අවියක්, එම මැගසින් 2ක්, උණ්ඩ 130ක්, බෝර 12 අවියක් සහ එම උණ්ඩ 6ක් සොයාගත් සිද්ධියට අදාළ ඉඩමේ හිමිකරු සංජය සිරිවර්ධන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 
(colombotimes.lk)