පාසල් ළමුන් රැගත් චාරිකා බස් රථයක රියදුරුට මහනුවර හන්තාන ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළුව සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (26) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාන්තාව ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම අනෙකුත් සැකකරුවන් තිදෙනා හෙට (28) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)