17 September 2025

logo

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් සිව් දෙනෙකු රෝහලේ



දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදෙස් සංචාරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (09) පෙරවරුවේ හම්බන්තොට හා මත්තල අතර කොටසේ 187 වන කිලෝ මීටර කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් රුසියන් ජාතික සංචාරකයින් හතර දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)