27 December 2024


මාසයක් තුළ පිලිපීනයට සුළි කුණාටු 4ක් කඩා වදියි



මාසයක් තුළ 4වන වතාවටත් පිලිපීනයට සුළි කුණාටුවක් කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Toraji ලෙස හඳුන්වන මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධිවීම්, ගස් කඩා වැටීම් සහ නිවාසවලට හානි සිදුවී ඇති බවයි.  

ගංවතුර සහ නායයෑම් අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයන් 7000ක් පමණ ඉවත් කිරීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)