සින්නක්කර ඔප්පු ලබාදීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත පවසනවා.
ඔහු කියා සිටියේ එම ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඒ පියවර ගත් බවයි.
සමාජ සංරක්ෂණය, සුරක්ෂිතභාවය සහ පවුල්වල පැවැත්ම සැළකිල්ලට ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)