අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ විභාගය හෙට (10) සිට ලබන දෙසැම්බර් 05වෙනිදා දක්වා පැවැත්වෙන බවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට භාර දී ඇති අතර එම මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
