හැටන් බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ, නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09) උදෑසන සිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේ විශාල ෆයිනස් ගසක් කඩා වැටීමෙන්.
පොලීසිය සඳහන් කළේ ගස කඩා වැටීමත් සමඟ ප්‍රධාන මාර්ගය අභියස වූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට සහ දුරකථන රැහැන් පද්ධතියකට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර විදුලි බල මණ්ඩලය විසින් එම ප්‍රදේශයට ලබා දී ඇති විදුලිය විසන්ධි කර කර ඇති බවයි.
හැටන් දික්ඔය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟත් සමඟ ෆයිනස් ගස කඩා වැටී ඇති අතර කඩා වැටුණු ගස ඒ අවට වතු කම්කරුවන් සහ හැටන් පොලීසියේ නිළධාරින් එක්ව කපා ඉවත් කිරිමෙන් අනතුරුව විනාඩි 30ක් පමණ ඇනහිට තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට එක් මන්තිරුවකට සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
