03 May 2026

logo

බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ගාසාහී ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඔහුට අමතරව යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත්. 

(colombotimes.lk)