08 November 2025

logo

ලොව විශාලතම මකුළු දැල හමුවෙයි



විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ඇල්බේනියානු - ග්‍රීක දේශ සීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් ලොව විශාලතම මකුළු දැල සොයාගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති මෙහි මකුළුවන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටින බවයි. 

මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ලෙස නොලැබෙන අතර ඒ හේතුවෙන් විෂ සහිත හයිඩ්‍රජන් - සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බව විද්‍යාඥයන් පවසනවා. 

එවැනි තත්ත්වයක් යටතේ මෙම විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට ඔවුන් පර්යේෂණයක්ද අරඹා තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම මකුළු දැල ගුහාවේ දොරටුවේ සිට ආසන්න වශයෙන් මීටර් 50කට වඩා දුරින් පිහිටා තිබෙනවා. 

විද්‍යාඥයන් සඳහන් කළේ මෙහි මකුළු විශේෂ 02ක් වාසය කරන බවයි.

(colombotimes.lk)