04 December 2025

logo

පිලිපීනයට අද තවත් සුළිකුණාටුවක් ඇතුළු වෙයි



පසුගිය සතියේ දී කල්මේගි සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව තිබෙනවා.

ඒ 'ෆුන්ග් වොන්ග්' නම් සුළිකුණාටුවයි.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සුළිකුණාටුව අද (09) රාත්‍රියේ එරට අවුරෝරා පළාතෙන් ගොඩබිමට ඇතුළු වනු ඇති බවයි. 

එමෙන්ම මේ වන විට පිලිපීනයට ආසන්න සාගර කලාපයේ වර්ධනය වෙමින් පවතින ෆුන්ග් වොන්ග් සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ නැගෙනහිර දිග පළාත් කිහිපයක තද සුළං සහ වැසි හටගෙන ඇති අතර එමඟින් අවතැන් වී සිටින පිරිස ලක්ෂයකට අධිකයි. 

(colombotimes.lk)