09 November 2025

logo

අපොස උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ට දැනුවත් කිරීමක්



හෙටින් (10) ආරම්භවීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තරමක් අසීරු විභාගයක් වන බවත් එයට සාර්ථකව මුහුණ දීමට නම් මෙම අවස්ථාවේ මනස ඒකාග්‍රතාවයෙන් තබා ගැනීම වැදගත් වන බව රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා.

ඔහු සඳහන් කළේ විභාගයට මුහුණ දෙන සියලු සිසු සිසුවියන් අද (09) දිනයේ දී හිත සන්සුන් කරන ව්‍යායාමක් සිදු කිරීමට පෙළඹෙන්නේ නම් මනස සන්සුන් කර ගැනීමට හා මතකය අවදි කර ගැනීමට එය වඩාත් යෝග්‍ය වන බවයි.

එමෙන්ම අතීතය ගැන සිතමින් පසුතැවිලි වීමට කාලය නාස්ති නොකරන ලෙසත් විභාගයේ ප්‍රතිඵලය කුමක් වේ දැයි අනාගතය ගැන සිතමින් දුක් නොවීමට වග බලාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)