colombotimes.lk
සිංහල | English

04 July 2024

ඥානසාර හිමිට නිදහස ඉල්ලා භික්ෂු සංවිධාන මහ නා හිමිවරු හමුවෙයි



ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් තවදුරටත් මැදිහත් වන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු හමු වී තිබෙනවා.

මෙහිදී මහ නා හිමිවරු සඳහන් කර ඇත්තේ ඉකුත් වෙසක් පොහෝ දින ඥානසාර හිමිට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිට සන්දේශයක් යොමු කළ ද ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

නමුත් නැවත වරක් මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව උන්වහන්සේලා ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)