LPL 2024 - DS Vs JK | තියුණු සටනකින් පසු යාපනයට සුපිරි ජයක්



LPL තරගාවලියේ Dambulla Sixers කණ්ඩායමට එරෙහිව අද (03) පැවති තරගය තියුණු සටනකින් පසු කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

එහිදී කුසල් පෙරේරා ශතකයක් වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කළා.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 192ක ඉලක්කයක් හඹා ගිය Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී තරගයේ ජය හිමි කරගත්තා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 80ක් සහ නායක චරිත් අසලංක ලකුණු 50ක් රැස් කළා.

(colombotimes.lk)