11 July 2025

logo

රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි



රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තුරු අවලංගු කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවද තර කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට  අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඊයේ (23) අආරම්භ කළා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ 1200ක් පමණ සේවය කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)