රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ ආනයනික බහාලුම් 323හි මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී ද්‍රව්‍ය අඩංගු වුවහොත් එහි වගකීම රජය භාර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළා.
ඒ ඊයේ (23) හෝමාගම ඩිපෝ සංකීර්ණයේ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එලෙස ආනයන බහලුම් නිදහස් කිරීම හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නොමැති බවයි.
(colombotimes.lk)