බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවකදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
එලෙස සාකච්ඡාවට ගත් යෝජනාව දින 05කට පසු පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ධූරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් ද සිදු කිරීමට නියමිතයි.
එහිදී එම යෝජනාවට මන්ත්‍රීවරුන් 113දෙනෙක්ගේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබෙනවා.
ඉන් අනතුරුව සම්මත වූ එම යෝජනාව සම්බන්ධයෙන් කථානාකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරන බවයි වාර්තා වන්නේ.
එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ගැන තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)