17 March 2025


රජයේ හෙද නිලධාරීන් නුවරඑළිය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක



මෙවර අයවැයෙන් වැඩි කළ දීමනාව කප්පාදු නොකරන ලෙසට සහ උසස්වීම් නැවතීම සිදු නොකරන ලෙසට රජයට බල කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් අද (17) නුවරඑළිය දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට පැය 03ක වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

ඔවුන් දිවා ආහාර පැයේ රෝහල ඉදිරිපිට එලෙස උද්ඝෝෂණයක නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තවද හෙද නිලධාරීන්ගේ උසස්වීම් නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසට ඉල්ලමින් තමන් මෙම උද්ඝෝෂණය සිදු කරන බවත් මෙයට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩිව සිදු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. 

(colombotimes.lk)