නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක ආකර්ෂණයක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහි තැපැල් සේවා පවත්වාගෙන යන අතරතුර එලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් තාක්ෂණික උපදෙස් ලබා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)