01 April 2025


බෝ නොවන රෝග හේතුවෙන් සිදු වන මරණ ඉහළට



මෙරට මරණවලින් 83%ක ප්‍රමාණයක් බෝ නොවන රෝග නිසා සිදුවන මරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම දත්තවලට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් 35%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හඳුනා නොගත් අධි රුධිර පීඩනය නිසා වාර්ෂිකව පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතවලට ගොදුරු වන බවත් සෑම වසරකම ඔවුන්ගෙන් 4,000ක් පමණ ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්වීම හෝ මිය යන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 41%ක් කිසිදු ප්‍රතිකාරයක් ලබා නොගැනීම වඩාත් භයානක තත්ත්වයක් බවයි.

(colombotimes.lk)