12 August 2025

logo

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද



2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අද (10) පෙරවරු 9.30ට ආරම්භ වුණා.

ඒ අනුව අයදුම්කරුවන් 307,951ක් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටිනවා.

මෙහිදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදෙන අතර එය 10.45 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව සියලුම සිසුන් හට පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව 12:15ට ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමට නියමිතව තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අතරතුරදී යම් කිසි අපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකි බවයි.


(colombotimes.lk)