11 July 2025

logo

කිරිඳි ඔයෙන් හමු වූ වන අලි හිස ගැන පුළුල් පරීක්ෂණයක්



වැල්ලවාය, තෙළුල්ල කිරිඳි ඔයේ තිබී පසුගිය 13 දා හමු වූ වන අලියකුගේ හිස පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව කලාපය භාර සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා කටයුතු යොදා තිබෙනවා. 

තෙළුල්ල ප්‍රදේශයේ හුවන්ගමුව පන්සල් අලිමංකඩ අසල, කිරිඳි ඔයේ සිරවී තිබී එම වන අලි හිස ප්‍රදේශවාසීන්ට හමුවී තිබුණා. 
 
වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව අලියාගේ සිරුරේ අනෙක් කොටස් සෙවීමට මෙහෙයුමක් ආරම්භ කළත් මෙතෙක් කිසිවක් හමුවී නැහැ. 
 
වගා බිමකට පැමිණි වන අලියාට වෙඩි තබා ඝාතනය කර සිරුර කෑලිවලට කපා කිරිඳි ඔයට දමන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් විශ්වාස කරන්නේ. 
 
වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන අලියාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වැල්ලවාය වනජීවී කාර්යාලය කටයුතු යොදා තිබෙනවා.
(colombotimes.lk)
 
Head of elephant found in Kirindi Oya | ONLANKA News