17 November 2025

logo

ජනපතිගෙන් ඉල්ලීමක්



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළ ඉල්ලීමකට අනුව එම සංගමය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද (17) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙන බව බලාපොරොත්තු වන බවයි. 

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මූලික අරමුණක් බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 


(colombotimes.lk)