18 November 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළුතර, මහනුවර, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

(colombotimes.lk)