17 November 2025

logo

ඖෂධ වර්ග 350ක මිල නියාමනය කරයි



වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 350ක මිල නියාමනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

එමෙන්ම ඒ අනුව මිලෙන් අධික වූ ඖෂධ වර්ග කිහිපයක මිල ගණන් අඩු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)