වී සඳහා වන සහතික මිල අද (05) ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී වගාවට යන සියලු පිරිවැය ගණනය කර එම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.
වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වී මිලදී ගැනීමේ ක්‍රමවේදය ද මෙවර වෙනස් කර ඇති බවයි.
(colombotimes.lk)