05 February 2025


ජල ගාස්තුවත් අඩුවන ලකුණු



විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මේ වන විට ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ඉදිරියේදී 10%ත් 30%ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවයි.

ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක්ද පත් කර තිබෙනවා.

ඒ අනුව ජල බිල අඩු කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් පසුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

(colombotimes.lk)