13 December 2025

logo

HIV ආසාදිතයන් ඉහළට



මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කරනවා. 

පසුගිය වර්ෂය තුළ HIV ආසාදිතයන් 607 දෙනෙකු හදුනාගෙන ඇති බව එම වැඩසටහන මඟින් සඳහන් කළා. 
 
ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් වයස අවුරුදු 15 සිට 49 දක්වා පුද්ගලයන්ගෙන් වාර්තා වන බව එම වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය කියා සිටියා. 
 
අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළා.
(colombotimes.lk)