13 August 2025

logo

උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් මිලට සිදු වන දේ මෙන්න



උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ ප්‍රමාණවත් තොග අවශ්‍යතාව මත වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බවයි.

ශීතකල කුකුල් මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ බිත්තරයක් රුපියල් 31ත් 33ත් අතර මිලක පවතින බවයි.

(colombotimes.lk)