colombotimes.lk
සිංහල | English

26 April 2024

හැරී පොටර්ගේ කෑගසන මැන්ඩ්‍රේක් සැබෑවක් වෙයි



හැරී පොටර්ගේ කතාව ඔබට අමතක වෙන්න නම් බැහැ.

ඒ වගේම තමයි Muggle ලෝකයේ ප්‍රභල ඖෂධයක් වන කෑගසන මැන්ඩ්‍රේක් ශාකයත් කවදාවත් අපේ මතකයෙන් ගිලිහෙන්නේ නම් නැහැ.

හැරී, රොන් සහ හර්මයිනි විසින් භාවිතා කරන බොහෝ ඖෂධ ඉන්ද්‍රජාලික හේතූ සමඟ රැඳී පවතිනවා.

නමුත් J. K. Rowling ඇත්තටම Hogwarts හි හරිතාගාර පිරවීම සඳහා සැබෑ ජීවිතයේ මල් සහ ඖෂධ පැළෑටි භාවිතා කළා කියලා ඔබ දැනගෙන හිටියද ?

In the Harry Potter films, the unforgettable

ඒ අනුව පරීක්ෂකයින් පිරිසක් විසින් ශාක සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී අපූරු කරුණක් හෙළිවී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ශාක සැබෑවටම මිනිසා සමඟ සන්නිවේදනය කරන බවයි.

එහිදී ඔවුන් පරීක්ෂණයට යොදාගත් ශාක අතරින් තක්කාලි සහ දුම්කොළ විශේෂත්වයක් ගෙන තිබෙනවා.

ඒ, එම පැල කපා දමන විට 'ආපදා සංඥා' නිකුත් කිරීමයි. 

එය හරියටම හැරී පොටර් කතාවේ එන 'මැන්ඩ්‍රේක්' ශාකය සිහිගන්වන බවද ඔවුන් පවසනවා.

Mandrakes are the roots of real life Mandragora plants, which are native to Mediterranean regions and are known for their hallucinogenic and anaesthetic properties (stock image)

ඒ අනුව මෙම පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ, තක්කාලි සහ දුම්කොළ පැළෑටි සාමාන්‍යයෙන් පොප්කෝන් පොපිං වැනි ඝෝෂාවක් ඇති කරන බවයි.

එම ශබ්දය ශාක කඳේ ඇති වායු බුබුලු පුපුරා යාමෙන් ඇති වන බවද පරීක්ෂකයින් පවසනවා.

නමුත් දින පහක් දක්වා වතුර නොදැමූ තක්කාලි පැල කැපීමේදී ඔවුන් සාමාන්‍ය ශාකයකට වඩා වැඩියෙන් ශබ්දය නිකුත් කර තිබෙනවා.

මෙසේ සෑම මිනිත්තුවකට දෙවරක් තක්කාලි ශාක ශබ්ද නිකුත් කිරීම විශේෂත්වයක්.

ඒ අනුව පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ තියුණු ශ්‍රවණයක් ඇති මීයන් සහ සලබයන් වැනි සතුන්ට අඩි 16 (මීටර් පහක්) පමණ දුරින් සිට මෙම ශබ්ද ඇසෙන බවයි.

කෙසේ වෙතත්, අධි-සංඛ්‍යාත 'අතිධ්වනි' පරාසය තුළ මිනිසුන්ට මෙම ශබ්ද නොඇසෙන බවද පරීක්ෂකයින් පවසනවා.



(Vimarshana Samarakoon @ COLOMBO TIMES)