colombotimes.lk
සිංහල | English

28 April 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වර්ජනයක



හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. 

ඒ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින්. 
 
තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. 
 
මේ අතර වර්ජනය මැඩපැවැත්වීම සඳහා හමුදා බලය යොදවන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා ප්‍රකාශ කරනවා.
(colombotimes.lk)