11 July 2025

logo

ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක්



ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (13) රාත්‍රීයේ ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වනවා.

අදාළ ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර හමුදා ප්‍රධානීන් 05 දෙනෙකු ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)