24 June 2025


කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්



කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. 

මෙම ගින්නෙන් එම වෙළෙඳසැළ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ සහ කොළඹ ගිනි නිවීමේ රථ පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගින්න මේ වන විට පාලනය කරමින් පවතින අතර කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ ආරක්ථාව තහවුරු කරමින් සිටින බවටද වාර්තා වනවා. 

ගින්න හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හැකිතාක් කඩවත නගර මධ්‍යට පැමිණෙන රථ වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. 

(colombotimes.lk)