පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (07) උදෑසන 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මඟින් බෙදාහරින මාර්ගයන්හී අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්.
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාවේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
(colombotimes.lk)