ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (07) සිට එළඹෙන 11වනදා දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
එහිදී ජූලි 7වනදා මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08වනදා සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09වනදා නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10වනදා දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11වනදා පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම කාලය තුළදී අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)