ගල්කිස්ස - කන්කසන්තුරේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (07) සිට දෛනිකව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ මෙතෙක් මෙම දුම්රිය සති අන්තයේ පමණක් ධාවනය වූ බවයි.
මෙම දුම්රිය සෑම දිනකම පෙරවරු 05.15ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර දහවල් 12.13ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම කන්කසන්තුරයෙන් පස්වරු 01.50ට ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 08.58ට ගල්කිස්සට ළඟා වීමට නියමිතයි.
(colombotimes.lk)