07 July 2025

logo

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවක බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි



ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්ව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 94වන වියේ පසුවුණා. 

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර සිරිකුරුස විදුහලේ මූලික අධ්‍යාපනය ද ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ද ලැබීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු 1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳී තිබෙනවා. 

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් ඔහු අද්විතීය සේවයක් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ඔහු අගමැතිවරුන් 7දෙනෙක් සහ ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ ලේකම් ධූරයේ සේවය කර තිබෙනවා. 

(colombotimes.lk)