02 July 2025

logo

Hong Kong Sixes 2024 ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණඩායම දිවයිනට



Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්ථාන කණ්ඩායම කඩුලු‍ 03කින් පරාජයට පත් කරමින් ශුරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.   

(colombotimes.lk)