16 June 2025


මිනුවන්ගොඩ බිහිසුණු අනතුරක්



මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී ඊයේ (15) යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකාරිය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කළ බවයි. 

අනතුරුව පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.  

(colombotimes.lk)