17 June 2025


එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි



හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානයක් යළි හොංකොං බලා පැමිණ තිබෙනවා. 

ඒ එම යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට සැකකයක් මතුවීම හේතුවෙන්. 

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය මෙලෙස යළි හොංකොං බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන් යානය යළි හොංකොං බලා පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)