නිවාස අහිමි අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාරය අගෝස්තු පළමුවනදා සිට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 10 දක්වා වැඩි කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළා.
ඒ ග්‍රාමීයා සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව රැස් වූ අවස්ථාවේදීයි.
අඩු ආදායම් ලාභී ආබාද සහිත පුද්ගලයන් සඳහා නිවාස අලුත්වැඩියා කිරීමට ලබා දෙන රුපියල් ලක්ෂ 3ක ආධාර මුදල ලක්ෂ 5 දක්වා වැඩි කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.
ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වැසිකිලි ඉදි කිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක ආධාර මුදල රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවද අමාත්‍ය උපාලි පන්නිලගේ කියා සිටියා.
(COLOMBOTIMES.LK)