01 March 2025


How to train your Dragon කතා මාලාවේ Live Action Remake එකක් ළඟදීම



Dreamworks විසින් නිර්මාණය කරන අති සාර්ථක Animated Movie Series එකක් තමයි How to train your Dragon කියන්නේ.

හිකප් සහ ඔහුගේ මකරා වන toothless වටා ගෙතුණු මෙම කතාවේ Live Action Remake එකක් මෙම වසරේ ජූනි 13වනදා සිට තිරගත වීමට නියමිතව තිබෙනවා .

Animated Movies වල Live Action Remake බොහෝ අවස්ථාවල සාර්ථක නොවුණ නිසා How to Train Your Dragon චිත්‍රපටයේ Live Action Remake Movie එක කෙතරම් දුරට සාර්ථක වේවිද යන්න කියන එක Dreamworksලට පවා සඳහන් කිරීමට නොහැකියි.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා වන්නේ DeBlois.

මෙම චිත්‍රපටය නවීන Imax තාක්ෂණය ඔස්සේ නිර්මාණය වන අතර Dreamswork Animation හී How to train Your Dragon franchise ලෝකයේම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චිත්‍රපට මාලාවක්.

එසේම මෙම චිත්‍රපට මාලාව Academy Awards නාමයෝජනා හතරක් ලබා තිබෙනවා.එසේම බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 1.6කට වඩා උපයා ඇති බව වාර්තාවල සඳහන් වනවා.

(colombotimes.lk)