දැනට ජනාධිපතිකම සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
එමෙන්ම බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා එල්ල කළා.
රනිල් වික්‍රමසිංහ මහතාට මෙම රට ගොඩනැගිය හැකි බවත්, දුටුගැමුණු ළඟ නන්දිමිත්ර හිටගත්තා සේ තමන් ජනපතිවරයා ළග හිටගැනීමට සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)