colombotimes.lk
සිංහල | English

02 May 2024

බයිසිකල් සහ ගොන් කරත්තවල රොකට් ගෙනගිය ඉන්දියාව



ඊයේ (23) දිනය ඉන්දියාවේ අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ සංදිස්ථානයක් සටහන් කළ ඉතාමත් වැදගත් දිනයක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

එයට හේතුව තමයි Chandrayaan-3 යානය සිය මෙහෙයුම සාර්ථක කරමින්, සඳ මත යානයක් ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වීම.

Chandrayaan-3 is a story of ISRO

එමෙන්ම සඳේ පරීක්ෂණයට ලක්නොවූ කලාපයක් වන දක්ෂිණ ධ්‍රැවයට යානයක් ගොඩ බැස්සවීමට ඉන්දියාව සමත්වීම විශේෂත්වයක්.

Chandrayaan-3 යානය පරීක්ෂණ සඳහා රැගෙන ගිය 'වික්‍රම්' සෝලා තාක්ෂණයෙන් වැඩ කරන අතර, ඊයේ දිනයේ සිට දින 14ක් තුල සිය කාර්යයන් ඉටුකිරීමට නියමිතයි.

Chandrayaan-3 is a story of ISRO

පෘථිවියෙන් ඔබ්බට යානාවක් යැවීමේ ඉන්දියාවේ පළමු ප්‍රයත්නය ලෙස 2008 දී දියත් කරන ලද Chandrayaan-1 හැඳින්විය හැකියි.

ඒ අනුව චන්ද්‍ර පෘෂ්ඨයේ ජලය අනාවරණය කරගත් ප්‍රථමයා වූයේද මෙම යානයයි. 

එය ඇමරිකාවේ සහ චීන අභ්‍යවකාශ සැලසුම්වලට දැඩි ලෙස බලපෑම් එලකළ සොයා ගැනීමකි.

Chandrayaan-3 is a story of ISRO

නමුත් ඉන්දියාව මෙම තත්ත්වයට පත්වීමට පෙර මෙය ආරම්භ කළ ආකාරය පිළිබඳව මතක්කළ යුතුමයි.

ISRO එහෙමත් නැත්නම් ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය පිහිටුවා ඇත්තේ 1969 වසරේදීයි.

එය 1988 වසරේ සිට දුරස්ථ සංවේදන වැඩසටහන් මඟින් පෘථිවි නිරීක්ෂණ දත්ත ඉදිරිපත් කිරීම සිදුකර තිබුණා.

Chandrayaan-3 landing live updates: Aditya solar mission, Gaganyaan crewed  mission in pipeline

ඒ අනුව ISRO මේ වනවිට තමන්ගේම අභ්‍යවකාශ යානා 124ක් අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

මේ අතරින් 3ක් චන්ද්‍රයා වෙත සහ 1ක් අඟහරු වෙත යවා තිබුණා.

success story of chandrayaan 3 – moolsi86.amt.org.au

මීට අමතරව වෙනත් රටවල චන්ද්‍රිකා 424ක් අභ්‍යවකාශගත කිරීමට පහසුකම් සලසා දීමද ISRO විසින් සිදුකර තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය නම් බයිසිකල් සහ ගොන් කරත්තවල රොකට් කොටස් ප්‍රවාහනය කිරීමේ සිට Chandrayaan-3 මෙහෙයුම දක්වා ISRO වර්ධන කතාව චිත්‍රපටයක පිටපතක් මෙන් වීමයි.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 

Chandrayaan-3 is a story of ISRO