වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එම සීමා ලිහිල් කිරීමත් සමඟ පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය ඊයේ (25) කොළඹ වරායට ළඟාවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
(colombotimes.lk)