colombotimes.lk
සිංහල | English

08 September 2024


ජීවිත ගණනක් බිලි ගනිමින් ඉන්දියාවේදී සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර



ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ඩාර්ජිලින් දිස්ත්‍රික්කයේදී අද (17) උදෑසන දුම්රිය දෙකක් එකිනෙකට ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ දුම්රිය සංඥාවල දෝෂයක් හේතුකොට ගෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා දක්වා ධාවනය වූ දුම්රියක් රංගපානි දුම්රිය ස්ථානය අසල දී පිටුපසින් පැමිණි භාණ්ඩ දුම්රියක ගැටී මැදිරි දෙකක් පීලි පැනීමට ලක් ව ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර 60කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා.

8 dead, several injured as Kanchanjunga Express collides with goods train in Darjeeling; helpline numbers issued
8 dead, several injured as Kanchanjunga Express collides with goods train in Darjeeling; helpline numbers issued

(colombotimes.lk)