colombotimes.lk
සිංහල | English

08 September 2024


ඉන්දියාවත් රවටා රුසියානු හමුදාවට සෙබළුන් බඳවා ගනියි



යුක්‍රේනයේ පවතින ගැටුම්වලින් රුසියානු හමුදාවට බඳවාගත් තම ජාතිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි ඉන්දියාව පවසනවා.

මියගිය දෙදෙනාගේ සිරුරු යළි ඉන්දියාවට ගෙන්වා ගන්නා ලෙස රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

රුසියානු හමුදාව සමඟ සිටින සියලුම ඉන්දියානු ජාතිකයන් ඉක්මනින් නිදහස් කර ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඉල්ලීම් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියානුවන් විශාල පිරිසක් නියෝජිතයින් විසින් රැවටීමට ලක් කර රුසියානු හමුදා වෙනුවෙන් සටන් කිරීමට යොදවා ඇති බවට වාර්තා වනවා.

(colombotimes.lk)