11 July 2025

logo

අපනයන කරන කැස්ස පැණි පිළිබඳව ඉන්දියාවෙන් දැඩි පියවර



ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ ළමා මරණ වලට හේතු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් කැස්ස පැණි අපනයනය කිරීමට පෙර ඒ සඳහා ඉන්දීය රජයේ විසින් පවත්වන තත්ත්ව පරීක්ෂණ සමත්විය යුතු බව එරට රජය නිවේදනය කළා.

ඒ අනුව ඕනෑම කැස්ස පැණියක් අපනයනය කිරීමට පෙර රජයේ රසායනාගාරයක් විසින් නිකුත් කරන ලද විශ්ලේෂණ සහතිකයක් තිබිය යුතුයි.

ඉන්දියාවේ ඩොලර් බිලියන 41 ක ඖෂධ කර්මාන්තය ලෝකයේ විශාලතම ඖෂධ කර්මාන්ත වලින් එකක් වනවා.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉන්දියානු සමාගම් තුනක් විසින් සාදන ලද කැස්ස පැණි වල විෂ සහිත බව සොයා ගැනීමෙන් පසු එහි කීර්තිනාමයට හානි වූ බව සඳහන්.
(colombotimes.lk)