ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ මගී ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් ඇතුළුව දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් ගණන 261ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මීට අමතරව 900කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
කොල්කටා සිට චෙන්නායි බලා ධාවනය වූ Coromandel Express මගී දුම්රිය පීලි පැනීමකට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
පසුගිය වසර කිහිපය ඇතුළත ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මෙම අනතුරට හේතුව තවමත් නිශ්චිතව පැවසීමට නොහැකි බවද එම වාර්තා වල සඳහන්.
(colombotimes.lk)