ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් ඊයේ (11) පවත්වා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍යාංශයේදීයි.
එහිදී මහ කොමසාරිස්වරයා සඳහන් කළේ රජයේ බලශක්ති ක්ෂේත්රයට අදාළ ඉදිරි වැඩපිළිවෙළ සදහා සිය රජයේ සහය අඛණ්ඩව ලබාදෙන බවයි.
එමෙන්ම නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් සමීප සබදතා ඉදිරියේදීත් වර්ධනය කරගන්නා බව ඔහු කියා සිටියා.
ඉන්දියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ ආගමික සිද්ධස්ථාන මුල් කර ගනිමින් සිදු කරන ඉන්දියානු සූර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කරන බවයි.
(colombotimes.lk)