කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 542ක් සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතික සැකකරුවෙක් ඊයේ (13) කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන ඉන්දීය ජාතිකයෙක්.
(colombotimes.lk)